Tuesday 25 November 2014

අපේ (තාත්තා) රටේ මිනිස්සු-කෙලින්නේ පිස්සු...!


       



අපේ තාත්තා ලංකාවේ උපන් හිංගල මිනිසෙකි.

එනිසා ඔහු පිස්සුකෙලීම එතරම්ම ගනන් ගතයුතු නැත.

ඔලුවට පොරෝ පාරක් කාපු පොර කිව්වා වගේ, අපේ තාත්තා කැවුම් කන්න ඇති ආසාව නිසාමද කොහේද සතියක් දෙකක් යනකොට කැවුම් කෑවාද කියා මතක නැතුව ආයේත් අම්මාට කැවුම් හදන්න කියනවාය.
මේ මිනිසා කැපුවත් කොළපාට ලේ යන ජාතියේ යූඇන්පී කාරයෙක් බව කොච්චර (ලොකු) පොඩි උනත් මටනම් හොඳටම මතකය.

අපේ තාත්තා උදේ , සිට රෑ වෙලා ටීවී චැනල් වහන තුරු ඒවාත්, රටේම තියෙන හිංගල පත්තරත් කියව, දන්න කාලේකින් චන්දයකුත් දිනාගන්න බැරි උන නායකයෙකුත් ඉන්නා යුඇන්පී කරයෙකිඒ වගේම මහින්දගේ මූන පෙන්නන හැමවිටම චැනල් මාරුකරන ගානට යූඇන්පීය. හැබැයි අපරාදේ කියන්න බැහැ කනබොන මිනිහෙකි...

මම ඉතාම පුංචි ගැටය කාලේ වෙච්ච දැක්ක සිද්ධියක් මට ආයෙත් මතක් උනේ, ඊයේ හවස මේ තාත්තා නම් යුඇන්පී කාරයාට දුන් දුරකථන ඇමතුමකට මට ලැබුන උත්තරය නිසාය.

සිද්ධිය මෙයයි...

අපි එතකොට හිටියේ ගාල්ලේ අක්මීමන තලගහ හංදිය කියන තැන කුලී ගෙයක. (ගැටයා කාලයේ එතන කරපුවා මෙතනලියන්න ගියොත් මේ කථාව ලියන්නවෙන්නේ නැති නිසා ඒවා පසුව...)

මේ 1970 අවුරුද්ද වෙන්න ඕන....

මට තාම මතකයි අපේ ගෙදර ඉස්සරහින් වැටිලා තියෙන යක්කලමුල්ල පාර දිගේ ගාල්ල පැත්තට ආපු කලු පාට ලොකු කාර් එක.

තාත්තාත් මමත් පාර අයිනේ හිටියේ මොකටද කියලා මතක නැති උනාට, කාර් එක අපි ලඟටම එනකොට අපි හිටිය පැත්තට විරුද්ධ පැත්තේ කාර් එක ඇතුලේ වාඩි වෙලා හිටිය කන්නාඩි දාපු බෙල්ලේ කැමරාවක් එල්ලා ගත්ත, අපේ ගෙදර සාලේ බිත්තියේ එල්ලලා තියෙන පොටෝ එකේ ඉන්න ලස්සන මහත්තයා, අපේ පැත්තට බර වෙලා දෑත් එක් කරලා අපිට ආයුබෝවන් කියාගෙන ගියා.. 1970දී තාත්තාට වයස 39ක් වෙන්න ඕන.. කියන්නේ දැන් මට වඩා බාල වයසේ...මට දැන් එහෙම හිතුනේ, තාත්තා උඩ පැන පැන අප්පුඩි ගගහා...ඩඩ්ලි හාමු පුතේ, ඩඩ්ලි හාමු කියලා කෑ ගහපු හැටි මතක් වෙච්ච නිසා...පොලිස් කාරයෙක් මෙහෙම කෑ ගහ ගහ ජොලියේ ඉන්නවා මම දැක්කමයි. මොකද දවස්වල දැන්වගේ නෙමෙයි පොලිස්කාරයින්ට සැලකිල්ලක් තිබුනා මොකෝ ඒගොල්ලෝ අද වගේ පිස්සුකෙලියේ නැහැ...

ඉතින් මේක නෙමෙයි සිද්ධිය..

ඊට ටික දවසකට පස්සේ මට මතකයි රිවිරැස පත්තරේ මැද පිටුවේ තිබුන කොටු කොටු පිරිච්ච චන්ද කොට්ටාස නාමලේඛනයත් අරන් කඩල එහෙම තම්බගෙන තාත්තායි අය්යයි මුලු රැයක්ම රේඩියෝ එක ඇහුවා..පහුවෙනිදා උදේ තාත්තා වැඩට ගියා..හැන්දෑවේ ආවා රාමු කරපු අලුත් පින්තූරයකුත් අරගෙන..

සුදු මහත  බෝලයක්  වගේ මූන තියෙන සාරි පොටක් එක්ක නෝන කෙනෙක්ගේ පිංතූරයක්...ගැලෙව්වා අර ලස්සන කලු කෝට් කන්නාඩි දාලා හිටපු මහත්තයාගේ පොටෝ එක (අපිට මෙයා අතත් වනලානේ අයියෝ ගියේ)එල්ලුවේ නැද්ද නෝනගේ පින්තුරේ එතන....

දවස්වල මට මේක හරියටම නොතේරුනත්, මෝඩයා වගේ මම ඇහුවා තාත්තාගෙන් ඇයි මේ අලුත් මූනක් එල්ලන්නේ කියලා...මම රජයේ සේවකයෙක් ඉතින් රාජ් නායිකාවට යටහත්ව ඉන්න ඕනි...
එතකොට තාත්තේ අපිට අත වනපු හාමු..? එයා පරාදයි, නොදන්නා දේවල් අහන්නේ නැතිව ඉඳහන්..ඕන්න මට ලැබුන උත්තරය...

ඊයේ බජට් එකට චන්දේ දෙන්න විරුද්ධ පක්ෂෙට 20ක් යනවාය, එහෙම ගියොත් මහින්ද ඉවරය අරකය මේකය කියන බ්ලොග් කමේන්ට් කියව කියවා ඉන්නකොට මට මතක් උනේ මේ යුඇන්පී කාරයාට කථා කලොත් මොකක්ද වෙන්නේ කියලා තේරුන් ඇතිව අහගන්න පුලුවන්වේය කියලාහිතාගෙන  කෝල් එකක් දුන්නෙමි.

"හෙලෝ........ කොහොමද තාත්තේ ....මොනාද කරන්නේ...?"

" පුතේ...කවද්ද ආවේ....?"

"ගිය සුමානේ.. මේ ඒක නෙමෙයි, මොකො ඔයගොල්ලන්ගේ රනිල් ලොක්කාට වෙලා තියෙන්නේ?ඔන්න මේ පාරත් චන්දේ ඉල්ලන්නේ නෑලු...ඔයා දැන් කාටද චන්දේ දෙන්නේ...? කොහොමද ශ්‍රීලංකා කාරයෙකුට ඔයාගේ ඔය කොලපාට චන්දේ දෙන්නේ..."

"ඇයි..අපි මෛත්‍රීටනේ දෙන්නේ..?"

"ඉතින් එයා ශ්‍රීලංකා නේද? ගිය සැරෙත් ඔයාට දෙන්න උනේ සුදුකොඩිට නේද? අයිඅයියෝ කවද්ද ඔයා කොළපාට චන්දයක් දාන්නේ ..?

"පොඩ්ඩක් ඉන්න..මේ දවස් 100කට නේ පුතේ..ඊට පස්සේ අපි බලය අපිට ගන්නවා.."

" කොහොමද?"

"මෛත්‍රී බලය අපිට බාර දෙනවා.."

"එතකොට මෛත්‍රී මොනාද කරන්නේ? හරි දිනලා දුන්නේ නැත්නම් මොකද කරන්නේ?"

"..එහෙම උනොත් අපි ඉවරයි..? කෝ පුතේ දුව ඉන්නවද? පොඩ්ඩක් කථා කරන්න.."

අනේ මේ මිනිසාගේ වයස දැන් අවුරුදු 83කි...සමහරවිට මෙය ඔහුගේ අන්තිම චන්දය වෙන්නටත් පුලුවන...

රනිල් මහත්තයාව දන්න කෙනෙක් ඉන්නවානම් එයාට අලියා ලකුනෙන් චන්දේ ඉල්ලන්න කියන්න එතකොට අපේ යුඇන්පී කාර තාත්තාට ඔහුගේ කොළ පාට චන්දය නම්බුකාර විදියට අලියාට 8 වෙනිදා දැමිය හැකිය....                                                                      

35 comments:

  1. අන්න නියම තාත්තෙක්, වැල යන පැත්තට මැස්ස හරියට මම වගේ. 2026 ජන්දෙ දැමීමටත් දිර්ගායුෂ ලැබේවා !!!!!!

    ReplyDelete
    Replies
    1. මැස්ස දුවනවානේ මචෝ වැල යනකොට...

      Delete
  2. මොකද කරන්නේ.. රනිල් පාක්ෂිකයෝ කියන ඒවා අහන වයසක නෙමෙයි නෙව ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. වස ලැජ්ජාව බං යූඇන්පී එකේ චන්දදායකයින්ට....දැන්වත් ඉල්ලුවනං මරාගෙන් මෛත්‍රීට කැඩෙන චන්දටිකත් එක්ක රනිල් ලොක්කාට දිනන්නත් තිබ්බා...

      Delete
  3. "ආ පුතේ...කවද්ද ආවේ....?" මටත් අහන්න තියෙන්නේ ඕකම තමා.
    මොනා උනත් අවර්ණ පුතාගේ ඒ කොළපාට තාත්තාට මාධවී දීර්ඝායුෂ පැතුවාය කියන්න, 2021 ජනාධිපතිවරණෙදිවත් රනිල්ට ඡන්දයක් දෙන්න හැකිවෙන්න.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම වෙච්ච කථාබහක්...

      එකම හොඳේ මාධවී (මදාවි ) ආපහු පනගහලා ඇවිත් වගේ තාත්තගේ කටහඬින් මට තේරුනේ..
      කොලපාට අයට පුදුම පෑවිල්ලක්නේ තිබුනේ..
      අඩියක් පුඩියක් ගහලා ඉන්න නිසා මටත් වඩා දුවයි කියලා තමයි හිතෙන්නේ..

      Delete
  4. දෙයියෝ බුදුං දැක්ක වගේ අම්මපා. කොයිදෑ මංගැච්චුවෙ? ඉන්තීරුවෙංම හීතල රටක වෙන්ටෑ.
    මටනං මං ජන්දෙ දින්න වගේ තන්තෝසයි ආයි දකිංට ලැබීමත්.

    ReplyDelete
    Replies
    1. තැන්කූවේවා... හීතල රටකට තමයි මචෝ....හීතලයි වැස්සයි දෙකම වින්දා හොඳහැටි...මගේ සහෘදයෝ ටික ඉන්නේ ඩෙන්මාර්ක් වල..ඉතින් ඉන් එකියකගේ උපන්දිනයක් සමරන්න තමයි ගියේ...ලඟදීම ඔය පැත්තේ එනවා..ආවාම හම්බවෙන්නයි හිතාගෙන ඉන්නේ...
      බය වෙන්න එපා..ණය ඇප්ලිකේෂන් ගේන්නේ නැහැ...

      Delete
  5. ශෙපෑකි,
    ඉස්සර අනූ ගණන් වල චන්දයකදි අපේ අන්කල් කෙනෙකුත් ඔහොම කලා. මම හිතන්නේ විපක්ශයෙන් චන්ද්‍රිකාත් ගාමිණිත් ඉල්ලන්න ඉන්න වෙලාවක කැපුවත් කොළ එයා කිය කිය හිටියේ ගෑණුන්ට කොහෙද රටක් කරන්න පුළුවන් කියලා. (අන්කල් කාරයා අර ඉන්ග්‍රීසි මීඩියම් වලින් එහෙම ඉගෙනගත්තේ උඩරට පොරක්.) මෙන්න එක පාරට ගාමිණි මැරිලා එයාගේ වයිෆ් ඉල්ලුවා. (එහෙම නැත්නම් යූ එන් පී එකේ කැන්ඩිඩේට් වුනේ ලලිත්ගේ වයිෆ් වෙන්න ඕනේ)
    අච්චර දවසක් උඩ පැනලා කෑගහපු අපේ අන්කල් මෙන්න එදා ඉඳන් කාන්තාවන්ට රට කරන්න බෑ කියන වචනේ එයාගේ ශබ්දකෝශයෙන්ම අයින් කලා.
    ඒ නිවාඩුවේ ඉතිරි දවස් ටික අන්කල් අපිට ආතල් දෙන එක නම් නතර වුනා.

    ප්‍රතිඵලය මොකක් වුනත් ඔය කැපුවත් කොළ හෝ නිල් අයට ටකස් ගාලා වෙනස් වෙන්න පුළුවන් එයාලාගේ ලීඩර් හඳෙන් හාල් දෙනවා කීවත්.
    ඒත් රටකට අවශ්‍ය වෙනසකට මෙයිට වඩා උද්යෝගයක් රට වැසියන් විදියට අපිට තියෙන්න ඕනේ. ඒක මේ මඩ ගහගන්නවට වඩා වෙනස් දෙයක්. ඒත් නොවෙන්නෙම ඒකනේ. එක එකාගේ ඕපදුපයි අරවයි මේවයි විතරයිනේ හැමෝම කතා වෙන්නේ. අපි අසූ අටට හිනා වෙනවා. අපි අනූ හතරේ වෙනසක් කලා. ඒක හරි ගියේ නෑ. ආයේ අපි 2005 වෙනසක් වෙනුවෙන් හිටගත්තා. දැන් ආයෙත් වෙනසක් වෙනුවෙන් අපි නැගී හිටින්න ඕනේ. ඒක පාට එක්ක නෙමෙයි. නැත්නම් අපිට කොහේ නතර වෙන්න වෙයිද දන්නේ නෑ. මේ කියන්නේ සෞභාග්‍යයක් ගැන නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අහිංසක මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නැහැ රංගි....

      Delete
  6. ගාණක් නෑ චෙපාකි.ඔය ලේත් කොලපාට නිල්පාට අය ඔහොම තමා.ඊළඟ ජනාධිපති ඡන්දෙදි වත් අලියට කතිරෙ ගහන්න ලැබේවි නොවැ.

    ReplyDelete
    Replies
    1. එතකන් හිටියොත් ෂෝක්....
      මොකෝ සද්ද වහලා..බොලාට දිගටම නිවාඩුත් වැටුන එකේ ලියන්නයි තියෙන්නේ මගෙතුන ගැන හොඳ පෝස්ටු පොජ්ජක්...අලි අල්ලන්න හොඳ කාලේ නේ මේක..?

      Delete
  7. පියාණන්ට දීර්ඝායුෂ...!

    කැපුවත් කොළ කියන පිරිස කැපුවත් නිල්, රතු කියන පිරිසට වඩා වැඩියි.

    ඒ වගේම ඒ අය කිසිම අහිතක්, නිර්ණායකයක් නැතුව කොළ වෙනුවෙන් පෙනී ඉන්නවා.
    එහෙව් මිනිස්සු මේ වෙන දේවල් දැකලා මොන තරමක් දුකින් ඉන්නවා ඇද්ද...?
    කොහෙන් හරි එන එකෙක් "අපේ එකෙක්" කියල හිත රවට්ටන්න හිතාගෙන, ඒ මදිවට අනිත් උන්ටත් ඒ දේම ඒත්තු ගන්නන්නත් හදනකොට...

    අර ෆොටෝ මාරු කරන සිද්ධිය කරපු උඹලගේ තාත්තගේ ක්‍රමේ තමයි බන් හරි...
    අවස්ථාව අනුව අපි වෙනස් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ සුභපැතුමට....
      මට හරි පව් කියලා හිතුනා මචෝ මෑන්ස් ගැන..සෑහෙන හිතේ අමාරුවෙන් හිටියේ පහුදිය කාලේ..ඇත්තටම ටීවී චැනල් මාරුකරනවා මරා පෙන්නනකොට...
      දැන් කිසි හිරිකිතයක් නැතුව කියනවා මෛත්‍රීට දෙනවාලු...අනේ හපොයි...

      Delete
  8. මගේ අප්පච්චිත් අවු 85ක් ඉඳල ගිය අවුරුද්දේ ගියා යන්න.
    එයත් ඔය වගේම ලේත් කොල පාට, මටත් මතකයි ඒ කාලෙ ඉඳලම නිදි මරාගෙනෙ චන්ද අහපු හැටි. එයාගෙ අන්තිම චන්දෙ දැම්මෙ 2010 අල්ලගෙන එක්ක ගියෙ.
    අනිත් හැමෝම යුද්දෙ දින්න නිසා මහින්දට දෙනව අප්පච්චිත් දෙන්න කියල.
    හා හා කියල ගිහින් දාල ආවට පස්සෙ මම හිමින් ඇහුව කාට දුන්නෙ කියල.
    මට කවදාවකත් ශ්‍රී ලන්කා කාරයොන්ට කතිරෙ ගහන්න හිතෙ දෙන්නෙ නෑ පුතේ කියල කිව්ව

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකෙන් පස්සේ අපි කථා කලේ ලංකාවේ වැඩියෙන්ම හිටියේ යූඇන්පී කාරයෝ නේදැයි කියලා....රටකටයි පක්ෂෙකටයි ගිය කලක් හැබෑවටම...පව් අප්පා...

      Delete
  9. කොල නිල් රතු කහ බ්ලා බ්ලා බ්ලා...........
    ඔක්කම එකයි මෙලෝ රහකි නෑ බැරි වෙලා හරි කපල බැලුවොත් ඔය ඔක්කම පාටවල් වල මික්සින් එකක් බලාගන්ට පුලුවන් වෙයි ආයෙ ලොවෙත් නැති වෙන්න

    ReplyDelete
  10. බොහෝම කාළෙකින් මේ වගේ රසවත් සරළ පෝස්ට් එකක් කියෙව්වේ.. වෙල්කම් බැක් කිව්වා..

    අපේ තාත්තට 87 ක් යූ ඇන් පී බල කණුවක්. ඒ උනාට මහින්දටත් කැමතියි යුද්දේ දිනපු නිසා.. මේ සැරේ කාට දෙයිද දන්නේ නෑ.. ෆෝන් එකෙන් අහලා වැඩක් නෑ.. කන ඇහෙන්නෙ නෑ.. හම්බ උනාම අහන්න ඕන..

    ReplyDelete
    Replies
    1. තැන්කූ බොස්..!
      ඉක්මන්ට සිදාදියට වරෙන් මචෝ...දඩමස් බුදින එකෙත් සීමාවක් තියෙනවා නේද මං අහන්නේ...උඹ කැලෑ වැදුනාම කැම්පේන් එක කරන්නේ කොහෙමෙයි සත්තරනේ..?

      Delete
  11. මචං අපේ තාත්තාත් ඔය වයසේ. මාතාගේ තාත්තාගේ වගේ කං ඇහෙනවාත් හොඳටම අඩුයි. ලඟදි දවසක නිල් බලකායේ කොල්ලො සෙට් එකක් ඇවිත් මෙයාට ශ්‍රීලංකා එකත් නිල් බලකායත් ගැන ලැච්චර් එකක් දීලා. ඔක්කොම අහගෙන ඉඳලා..අන්තිමට අහලා එහෙනම් කියපන් පංච මහා බලවේගය කියන්නේ මොකක්ද කියලා. අර ආපු පොඩි එවුන් සෙට් එක අපි වෙන දවසක එන්නම් අන්කල් කියලා යන්න ගිහින්. ඔහොම තමයි වයසක උදවිය.

    කාට ඡන්දේ දායිද දන්නේ නැහැ. එක පාරක් මම ජේවිපි එකට ඡන්දේ දාන්න කිව්වා නිසා හොඳ සිංහලෙන් අහගත්තා. බාලා තම්පෝ වලෙන් නැගිටලා ඡන්දේ ඉල්ලුවොත්, බඩ ගාගෙන ගිහින් හරි ඡන්දේ දායි. මීට කාලෙකට ඉස්සෙල්ලත් කිව්වේ බාලා සහෝදරයා කියන්නේ නොවෙනස් කම්කරු නායකයා කියලා. අතීත සටන් තාම මතක ඇති.

    ReplyDelete
    Replies
    1. අරූගේ තාත්තා වගේ පොලිටිකලි ඇක්ටිව් කෙනෙක් නෙවී අපේ මහතැන..නිකන්ම නිකන් සුවච රාජ්‍ය සේවකයෙක් විතරයි..ඒ වගේ අය අතේ තමයි චන්ද බලය ඇත්තටම තියෙන්නේ..ඉතින් උන්ව මේ විදියට රවට්ටන එක මහා නින්දිත වැඩක් මචෝ...
      ඔන්න අද මැදමුලනේ 2800/- කෑම එකයි බෙදනවා බිත්තර වී වෙනුවට...උදේ පහේ ඉඳන් පෝලිම...ලොකු අය්යා බෙදන්නේ....

      Delete
    2. අනේ දැන්නේ මේක දැක්කේ කලින් දැක්කනං යනව රජ්ජුරුවන්ගේ රත්තරන් දැතින් බත් ජුංඩක් හිගාගන කන්ඩ අම්මප

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  12. Replies
    1. තේරුනේම නෑ නොනේ...ආයේත් කියාපංකෝ සරළ විදියට...ප්ලීස්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කෙලියා නේද තාප්පෙට..මේ ගෑල්ලමයත් එක්ක හැරෙන්නවත් බැහැ මේ නාකි අපට...

      Delete
  13. මං ඇච්ච උනාට අපේ තාත්තටත් දැන් හැත්තෑ පහක්.. දැන්ම කෝල් එකක් දීල බලන්න ඕනි කාටද චන්දෙ දෙන්නෙ කියල.. සමහරවිට මට උපදෙසකුත් ගන්න.. කාටද දිය යුත්තෙ කියල..

    ReplyDelete
    Replies
    1. කොල් එක දුන්නැයි ඔහේ..?

      Delete
  14. කරකවලා අතැරියා වගේ

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල හැමෝම ඉන්නේ කරකවලා අතඇරියා වගේ තමයි මල් මී...

      Delete
  15. මට ආවේ වෙනත් ආකාරයක ප්‍රශ්ණයක්.

    දැන් ඔය සමසමාජ, කොමියුනිස්ට් පක්‍ෂවල ඉන්නවාද තරුණ අය? මං අහන්නේ අඩු ගානේ අවුරුදු හැටට විතර අඩු අය?

    ReplyDelete
  16. ඔය තාත්තා අපේ තාත්තාගේ නෑදෑයෙක් වෙන්න ඕනෙ. ඒ කාලේ සැළකිය යුතු තාත්තලා පිරිසක් ඔය ක්‍රමයට තමයි වැඩකලේ.

    හ්ම්...........................මීට පස්සෙවත් මේ පැත්තේ එන්න හිතාගත්තා. බ්ලොග් ලයිස්තුවටත් දාගත්තා.

    ReplyDelete
  17. තැන්කිව් කිව්වා ආවාට...මේක ඉතින් තාම ඇරගන්න බැරුව ඉන්න බ්ලොගක්නේ මචො...
    ඊයෙ දැක්කානේ අපි දෙන්නාගේ උසේ වෙනස, ඒ හින්දා තාත්තාලා නෑදෑයෝ වෙන්න බෑ හැබැයි යාලුවෝද නම් කියලත් හිතෙනවා...
    ඕන් මාත් එල්ලුවා විචාව මේකේ....

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....